ඥානසාර හිමියන්ට ජනපති සමාව ඉල්ලා ලිපියක්…

ඥානසාර හිමියන්ට ජනපති සමාව ඉල්ලා ලිපියක්…

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සය අවුරුද්දක සිර දඩුවම් ලැබ සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා භික්ෂූන් වහන්සේලා කිහිපනමක් ජනාධිපති ලේකම් කාර්යාලයට වැඩම කර ඇත.
බෙංගමුවේ නාලක, තල්ගමුවේ සුධිරානන්ද, දියසෙන්පුර විමල සහ මාගල්කන්දේ සුදත්ත යන හිමිවරු විසින් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා ඒ මහතාට බාරදීමට සකස් කළ ලිපියඑට මෙම භික්ෂූන් වහන්සේලා අත්සන් කර තිබේ.
එම ලිපියෙහි කොටසක්,
“ඔබතුමා ඝාතනය කිරීමට පැමිණි පුද්ගලයාට ජීවිත දානය දීමට තරම් ඔබතුමා සංවේදී නායකයෙකු විය. එය මුළු මහත් සමාජයටම ආදර්ශයක් විය. දැන් ඔබතුමාට තවත් සංවේදී කාරණයක් ඉතිරිව ඇත. එනම් ගමේ හැදී වැඩී, අප රටේ පළමු පුරවැසියා ලෙසත්, බෞද්ධ උපාසක මහතෙකු ලෙසටත් කල්පනා කර ඔබතුමාගේ බලතල ප්‍රකාරව ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන තෙක් මුළුමහත් සඟ පරපුර මෙන්ම මුළුමහත් බෞද්ධ සමාජයම බලා සිටී. ඔබට දළදා හිමි සරණයි“ යනුවෙන් දක්වා තිබේ.