නව කැළණි පාලමේ ඉදිරි කිරිම් කටයුතු හේතුවෙන් ,පැලියගොඩ වටරවුමෙන් කොළඹ- කටුනායක අධිවේගි මාර්ගය සඳහා වු පිවිසුම් මාර්ගය ලබන 04 වැනිදා සිට 20 වැනිදා දක්වා තාවකාලිකව වසා තැබෙන බව පොලිසිය පවසයි.
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ වාහන සුපුරුදු පරිදා ගමන් කළ හැකි බවත් පෑලියගොඩ වටරවුම අසළින් කටුනායක දෙසට ගමන් ගන්නා මහජනතාව හා රියදුරන් එම කාලය තුළදී විකල්ප මාර්ග භාවිත කළ යුතු බව පොලීසිය පෙන්වා දෙයි.









