FAST NEWS

24×7 Around the Globe

පොල්ගොල්ල බෝම්බ සිද්ධියට පුද්ගලයින් 04 කට සිරදඩුවම් නියම කෙරේ..

2008 වසරේ ජනවාරි මස 06 වැනිදා මහනුවර, පොල්ගොල්ල ප්‍රදේශයේ මගී බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයින් තිදෙනෙක් මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ද්‍රවිඩ ජාතිකයින් සිව් දෙනෙකුට කොළඹ අද (02) වසර 10 ක සිර දඬුවමක් නියම කරමින් එය වසර 05 කින් ගෙවි යා යුතු බව නියම කළේය.
තමන් මෙම චෝදනාවලට වරද පිළිගන්නා බව විත්තිකරුවන් අධිකරණය හමුවේ කියා අද (02) ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව විත්තිකරුවන්ට වසර 10ක සිර දඬුවම් නියම කළ මහාධිකරණය එය වසර පහකින් ගෙවිය යුතු බවට නියම කළ අතර ඔවුනට රුපියල් විසි දහසක දඩයක්ද නියම කරන බව මහාධිකරණය සඳහන් කළේය.