FAST NEWS

24×7 Around the Globe

ජොන්ස්ටන්ට එරෙහි නඩුව විභාගයට ගැනීමට දින නියම කරයි..

හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය.
පසුගිය රජය සමයේ සතොස ආයතනයට අයත් සේවකයින් එකසිය පනස් තුන් දෙනෙකු දේශපාලන ක්‍රියාකාරකම් සඳහා යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි 04 කට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි මොවුන්ට චෝදනා එල්ල වෙයි.
දෙසැම්බර් මස 14 වනදා එම නඩුව විභාගයට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියම කර සිටියේය.