වසර 19 කට පෙර කොරියාවේ සිදුවූ සමූහ දූෂණයේ සැකකරුවන් සොයා පරීක්ෂණ..

වසර 19 කට පෙර කොරියාවේ සිදුවූ සමූහ දූෂණයේ සැකකරුවන් සොයා පරීක්ෂණ..

 

කොරියාවේ තේගු නුවර සිදුවූ සමුහ ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙරට සැකකරුවන් තිදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇත.
මෙම සිදුවීම වසර 19 කට පෙර එනම් 1998 වසරේ දී 18 හැවිරිදි චන්ග් නමැති විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් හට සිදුවූ සිදුවීමකි.
අදාළ සිසුවිය සිද්ධිය වූ දිනයේ කොරියාවේ ගුමා අධිවේගී මාර්ගයේ ගමන් කරමින් සිටියදී රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇයගේ යට ඇඳුම් ප්‍රදේශයේ වෙනත් ස්ථානයකින් හමුවී ඇත. ඇයගේ ඇඳුම්වල තිබූ පැල්ලම් හඳුනාගෙන එම පැල්ලම් ආශ්‍රයෙන් DNA ආකෘතියක් ලබාගැනීමට කොරියානු බලධාරින් පියවර ගෙන තිබූ අතර ඒවා කවරෙකුගේ දැයි හඳුනා ගැනීමට නොහැකි වූයෙන් එම සාම්පල ගබඩාකර තැබීමට කොරියානු බලධාරීන් ක්‍රියා කර ඇත.
අනතුරුව වසර 12 කට පසු එනම් 2010 වසරේදී දෙවන වරට කොරියාවේ සේවයට ගිය ශ්‍රී ලාංකිකයෙකු බාල වයස්කාර දැරියකට අතවර කිරීමේ සිද්ධියකට අදාළව එරටදී අත්අඩංගුවට පත්ව ඇත.
එහිදී 1998 වසරේ දූෂණයට ලක්වූ තරුණියගේ ඇඳුම්වල තිබූ DNA සාම්පල මෙම සැකකරු සමග සැසදී ඇත.
අදාළ වැරදිකරු සහ තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විශ්වවිද්‍යාල ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක් කර ඇති බවට විමර්ශන වලදී හෙළිවී තිබේ.
කොරියානු නීතිය අනුව ස්ත්‍රී දූෂණ වරදක් සම්බන්ධයෙන් නඩු පැවරිය හැකි කාලසීමාව වසර 10කි.
මේ හේතුවෙන් කොරියානු රජය රාජත්‍රාන්තික මට්මකින් ශ්‍රී ලංකාවට කරනු ලැබූ ඉල්ලීමක් අනුව මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසෙක්ර මහතා ප්‍රකාශ කර සිටියි.