FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් නොර්වේ හා එංගලන්ත සංචාරයකට පිටත් වෙයි..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ සහ එංගලන්ත සංචාරය සඳහා අද (02) රාත්‍රියේ දිවයිනෙන් පිටත් වන බවත්, එම සංචාරය නිමකර මේ මස 10 වැනිදා අග්‍රමාත්‍යවරයා යළි දිවයිනට පැමීණෙන බවද අග්‍රමාත්‍ය කාර්යාලය පවසයි.
ශ්‍රීලංකාවේ ආයෝජන වැඩිදියුණු කිරීම සහ ධීවර කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා රැසක් සිදුකිරිමට නෝර්වේ රාජ්‍යයේ සිව්දින නිල සංචාරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස නියමීත බව පැවසේ.
මේ සඳහා අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, විජිත් විජයමුණි සොයියා, රංජිත් සියඹලාපිටිය මහත්වරුද රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාද සහභාගි වෙති.
නොර්වේ සංචාරයෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ තෙදින සංචාරයක නිරත වන බවත්, එංගලන්ත අගමැති තෙරේසා මේ මහත්මියගේ ආරාධනයක් මත ඔහු එම නිල සංචාරයට සහභාගි වන බවද අග්‍රමාත්‍ය කාර්යාලය වැඩි දුරටත් පවසයි.