FAST NEWS

24×7 Around the Globe

මෙවර මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාද වන බව මැකෝ කියයි.

මෑත පැවති මැතිවරණවලට වඩා අද (17) පැවැත්වෙන මහ මැතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් කිරීම ප‍්‍රමාද වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා පවසනවා.

පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසක් ඉදිරිපත්ව සිටීම ඊට ප‍්‍රධාන හේතුවයි. මුල්ම තැපැල් ඡන්ද ප‍්‍රතිඵලය ද නිකුත් කිරීමට හැකිවනු ඇත්තේ මධ්‍යම රාති‍්‍ර 12 ට පමණ බවයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා සදහන් කරන්නේ.

“දිස්ත්‍රික් ප්‍රතිඵලය 18 වැනිදා දවල් 12 වෙනකොට වත් දෙන්න බැරි වෙන්න පුළුවන්. මනාප ප්‍රතිපල දෙනකොටත් 18 වැනිදා මධ්‍යම රාත්‍රියත් පහු වෙන්න පුළුවන්.”