FAST NEWS

24×7 Around the Globe

කළමනාකරණ සහකාර සේවය සඳහා නිලධාරීන් 900 කට පත්විම්..

2017 වර්ෂයේ පැවති කළමානාකරණ සහකාර සේවා විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව කළමනාකරණ සහකාර සේවයට තවත් නිලධාරීන් 900 දෙනෙකු බඳවා ගැනීමට නියමිත බව, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය අමාත්‍යංශය නිවේදනයක් නිකුත කරමීන් පවසයි.
මීට පෙර 2018 මැයි මාසයේ කළමනාකරණ සහකාර සේවයට 4500 දෙනෙකු බඳවා ගන්නා ලද අතර එසේ පත්වීම් ලබා සේවයට වාර්තා නොකල පිරිස වෙනුවෙන් මෙම බඳවා ගැනීම් සිදු කෙරෙන බව පැවසේ.
මෙම නවක නිලධාරීන් සඳහා වන පත්වීම් ලිපි ප්‍රදානය ලබන 18 වනදා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමීත බව සඳහන්.
මෙලෙස පත්වීම් ලබන නවක නිලධාරීන් සේවා අවශ්‍යතා මත අමාත්‍යංශ, දෙපාර්තමේන්තු ආදී විවිධ රාජ්‍ය ආයතන වලට අනුයුක්ත කෙරෙන බවද එම අමාත්‍යාංශය පවසයි.