FAST NEWS

24×7 Around the Globe

පොලිස්පතිට එරෙහි ඒකාබද්ධයේ විශ්වාසභංගයට ශ්‍රීලනිපයෙනුත් සහාය..

පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් ආණ්ඩු පක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන්ද ඊට සහාය දැක්වීමට සූද‌ානමින් සිටින බව වාර්තා වේ.
පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සැලකීමේදී විශ්වාසභංග යෝජනාවට සහාය නොදී සිටීමේ හැකියාවක් තමා පාර්ශවයට නොමැති බවට ශ්‍රීලනිප අමාත්‍යවරුනේගේ මතව වි ඇති බව පැවසේ.
දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ව්‍යවස්ථා සභාව මගින් පොලිස්පතිවරයා පත්කළද ඔහු ඉවත් කිරීමේ හැකියාවක් ව්‍යවස්ථා සභාවට නොමැති අතර, ඒ සඳහා පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් සම්මත කළ යුතුව ඇති අතර එ අනුව පොලිස්පතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ඒකාබද්ධ විපක්ෂයද පසුගිය සතියේ ප්‍රකාශ කර තිබිණි.