FAST NEWS

24×7 Around the Globe

ආවා කල්ලියේ ප්‍රබල සාමාජිකයන් තිදෙනෙක් අත්අඩංගුවට..

යාපනය ප්‍රදේශයේ අපරාධ සිදුකරමින් ජනතාව පීඩාවට ලක්කරන ආවා කල්ලියේ සාමාජිකයින් තිදෙනෙකු කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් සන්තකයේ තිබූ කඩුවක් , රැම්බෝ වර්ගයේ පිහියක් සහ ඔවුන් පැමිණි යතුරුපැදිය ද පොලිස් බාරයට ගෙන ඇත.
කෝපායි ප්‍රදේශයේ ගජලක්ෂන් නැමති තරුණයකුට පහරදීම සඳහා ආවා සාමාජිකයින් 06 දෙනෙකු කෝපායි ප්‍රදේශයට පැමිණ ඇති අතර මොවුන්ව දැක එම තරුණයා පලා යාමට තැත් කර ඇත.
මෙම අපරාධය දුටු ගම්වාසීන් කඩිනමින් ඒ බව පොලිසියට දැනුම් දීමත් සමඟ කෝපායි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.එම්.කහදවල මහතා ප්‍රමුඛ නිලධාරීන් කඩිනමින් ක්‍රියාත්මක වී ළිදෙහි වැටී සිටි තරුණයා මුදාගනිමින් පහරදීම සිදුකළ ආවා සාමජිකයින් අතරින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.