FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා තුනක නිල කාලය මෙම මස අවසන්..

වයඹ,මධ්‍යම හා උතුරු මැද යන පළාත් සභ තුනෙහි නිල කාළය මෙම මස අවසන් විමට නියමීතව ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලට පවසයි.
මේ අනුව වයඹ පළාත් සභාවේ නිල කාලය ඔක්තොම්බර් මස 08 වැනිදා හා මධ්‍යම පළාත් සභාවේ නිල කාලය ඔක්තෝම්බර් 10 වැනිදා අවසන් විමට නියමීතය.
එසේම උතුරු මැද පළාත් සභාවේ නිල කාළය ඔක්තොම්බර් මස 25 වැනිදා අවසන් විමට නියමීතව තිබේ.
ඒ අනුව මෙම පළාත් සභා තුනද ආණ්ඩුකාර පාලනයකට යටත් වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පෙන්වා දෙයි.
මෙම පළාත් සභා තුනෙහි කාලය අවසන්විමෙන් අනතුරුව පළාත් සභා 06ක කාලය නිල වශයෙන් අවසන් වනු ඇත.
පසුගිය වසරේදී සබරගමුව, නැගෙනහිර සහ උතුරුමැද යන පළාත් සභා තුනෙහි කාලය අවසන් වු අතර සීමා නීර්ණ කමිටු වාර්තාවේ පවතින ගැටළු හේතුවෙන් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විම මේ වන විට අර්බුදකාරි තත්ත්වයකට පත්ව තිබේ.