පෞද්ගලික වෛද්‍ය ආයතන (රෝහල් )විසින් රෝගීන්ට සපයන නවාතැන් පහසුකම් ඖෂධ සහ සේවාවන් සඳහා කරන අයකිරීම් වලට අදාළව කිසිදු නීතියක් හෝ රෙගුලාසියක් පැනවීමෙන් සහ ප‍්‍රකාශයට පත්කිරීමෙන් වලකින ලෙසට නියෝග කරමින් සෞඛ්‍ය සහ පෝෂණ අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට ‘රිට්’ ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ප‍්‍රධාන පෙළේ පුද්ගලික වෛද්‍ය ආයතන 02 ක් ඇතුළුව ආයතන 09 ක් අභියාචනාධිකරණයට පෙත්සම් 02 ක් ගොනු කර තිබේ.
පුද්ගලික වෛද්‍ය ආයතන ගාස්තු මිල පාලනයකට යටත් කෙරෙන යම් රෙගුලාසියක් මේ වනවිට පනවා හෝ ප‍්‍රකාශයට පත්කර ඇත්නම් ඒවා කි‍්‍රයාත්මක වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද අදාළ පෙත්සම් මගින් ඉල්ලා තිබේ.ෙ
සීමාසහිත නවලෝක හොස්පිටලස්, හේමාස් හොස්පිටල්ස්, සෙලින්කෝ හෙල්ත් කෙයාර් සර්විස්, වෙස්ටන් ඉන්පර්මරි, නිව් පිලිප්ස් හොස්පිටල්ස් යන ආයතන එක් පෙත්සමක් ගොනු කර ඇත.
එසේම ආසිරි හොස්පිටල්ස්, සිලෝන් හොස්පිටල්ස් (ඩර්ඩන්ස්) නයින් වෙල්ස්, ඕඒසිස් හොස්පිටල්ස් අනෙක් පෙත්සම ගොනු කර තිබේ.
විශාල මුදලක් වැය කර මිලදී ගත්, තාක්‍ෂණික වශයෙන් ඉතා ඉහළ තත්ත්වයෙන් යුත් නවීන උපකරණ යොදාගෙන විශේෂඥ වෛද්‍යවරුන් ලවා රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදීම තුළින් මිල කළ නොහැකි යහපතක් පුද්ගලික වෛද්‍ය ආයතන වලින් ජනතාවට සිදුවන බව අදාළ පෙත්සම් මගින් පෙන්වා දී තිබේ.
වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා පුද්ගලික රෝහල් වලට ඇදී එන්නේ රෝගීන්ගෙන් 10% පමණ වූ ඉතා සුළු පිරිසකි. රජයේ රෝහල්වල පවතින තදබදය, වඩා හොඳ නේවාසික පහසුකම් නැතිකම, ජීවිතයක්, බේරාගැනීම සඳහා වන ඉතා හදිසි ශල්‍ය කර්මයක් කළ යුතුවූ රෝගියෙකුට වූවද බොහෝ කලක් පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුවීම ඇතුළු හේතූන් කීපයක් නිසා පුද්ගලික රෝහල් වලට එන ඒ සුළු පිරිසට වඩා හොඳ සේවාවක් ලබාදීමට අවශ්‍ය දෑ සපුරා ගැනීම සඳහා රුපියල් බිලියන ගණනක් ආයෝජනය කරති.
ඒ සියල්ල කෙරෙන්නේ පුද්ගලික රෝහල් සපයන සේවාවන් මගින් උපයන ආදායමෙනි. රජයේ රෝහල් වලට මෙන් පුද්ගලික රෝහල් වලට රජයෙන් මූල්‍ය ආධාර කිසිවක් ලැබෙන්නේ නැත.
පුද්ගලික රෝහල් සඳහා මිල පාලනයක් ඇති කරනු ලැබුවහොත් හොඳ තත්ත්වයකින් යුතුව ඒවා පවත්වාගෙන ගෙන යාමට නොහැකි වන අතර රෝහල් සේවාවන් වැඩිදියුණු කිරීමට කරනු ලබන සියලූ ආයෝජන නවතා දැමීමට සිදුවනු ඇත. රෝහල් ව්‍යාපාරය සම්පූර්ණයෙන් අඩපණ වන බවත් විශේෂයෙන් කුඩා පුද්ගලික රෝහල් පවත්වාගෙන යාමට නොහැකිව වැසී යනු ඇති බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.
ෛපුද්ගලික වෛද්‍ය ආයතන වලින් අදහස් විමසන්නේ නැතිව සහ ඒ සඳහා අවස්ථාවක් ලබානොදී පුද්ගලික රෝහල් අයකරන ගාස්තු සඳහා මිල පාලනයක් ඇති කිරීම අසාධාරණ අත්තනෝමතික හා හිතුවක්කාර කි‍්‍රයාවක් බවත් පෙත්සම්වල වැඩිදුරටත් සඳහන් කර ඇත.