ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී ඇත.
ලෝක ළමා දින ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කටයුතු සූදානම්කර ඇත.
මෙවර ලෝක ළමා දින තේමාව වන්නේ “දිරියෙන් පෙරමුණට යන්න ළමා කැළට සවිය දෙන්න” යන්නයි.
මෙම උත්සවයේදී සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදු කෙරෙනු ඇත.
ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ අධ්‍යාපනයේ තරඟය විසින් ද නාගරීකරණය හෝ ජීවන මාදිලියේ සිදුවී ඇති වේගවත් පරිවර්තනයන් හේතුවෙන්ද දරුවන්ගෙන් උදුරාගෙන ඇති නිදහස සහ විචිත්‍රවත් භාව ලෝකය යළි ඔවුන් වෙත දිනාදිය හැකි මං සෙවීම වැඩිහිටියන් කාගේත් වගකීම බවයි.
සියලු දරුවන් වෙත සුරක්ෂිත ජීවිතයක් තහවුරු කිරීම වෙනුවෙන් තමා තවදුරටත් කැපවන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටියි.
අදට යෙදෙන වැඩිහිටි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ මිනිසුන් ලෙස අද අප භුක්ති විඳින අයිතිවාසිකම් බොහොමයක් අප වෙත දිනාදුන් සටන්කරුවන් වන්නේ වැඩිහිටියන් බවයි .
ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ද වැඩිහිටි ජනගහනය සීග්‍රයෙන් ඉහළ යමින් පවතින අතර වර්ෂ 2041 වනවිට ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 25% ක් අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන් වනු ඇති බව වාර්තා වෙයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.