FAST NEWS

24×7 Around the Globe

සුහද සංචාරයක් සඳහා ජපාන යුද නෞකා දෙකක් ලංකාවට…

සුහද සංචාරයක් සඳහා ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් යුද නෞකා දෙකක් අද (30) කොළඹ වරායට පැමිණ තිබෙන අතර එම නෞකා දෙක ලබන මස 04 වනදා දක්වා මෙරට රැදී සිටිනු ඇත.
දිගින් මීටර් 248 කින් යුක්ත වන එක් නෞකාවක නාවිකයින් 400 දෙනෙකුට ගමන් කළ හැකි අතර එය හෙලිකොප්ටර් ප්‍රවාහනය කරන්නක් වෙයි.
අනෙක් නෞකාවේ නාවිකයන් 170 දෙනෙකුට ගමන් කළ හැකි අතර එහි දිග මීටර් 151 ක් වෙයි.