FAST NEWS

24×7 Around the Globe

බොරලැස්ගමුවේ අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙකු මරුට..

බොරලැස්ගමුව, වික්‍රමරත්න මාවතේ මෝටර් රථයක් ජීප් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනා තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පියා මියගොස් ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ 51 හවිරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් පරීක්ෂකවරයෙකු බව පොලීසිය පවසයි.
පස් හැවිරිදි වියේ පසුවන එක් පිරිමි දරුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.
ජීප් රථය ධාවනය කළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.