FAST NEWS

24×7 Around the Globe

පොලිස්පතිගේ ස්කොට්ලන්ත සංචාරය තාවකාලිකව අත්හිටුවයි…

අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ස්කොට්ලන්ත සංචාරය තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.
පොලීසිය සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සහ ප්‍රජා පොලිස් ඒකකය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ස්කොට්ලන්ත බලධාරීන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගිවීම සඳහා පොලිස්පතිවරයා එරට බලා පිටත් වීමට නියමිතව තිබුණි.
මේ සදහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න ඇතුලු අමාත්‍යාංශ නිලධාරීන් කිහිපදෙනෙකුද එක්වීමට නියමිතව තිබී ඇත.