FAST NEWS

24×7 Around the Globe

නියෝජ්‍ය පොලිස්පති සහ නාමල් කුමාරගේ හඬ වාර්තා සති තුනකින්..

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ලබා දුන් කටහඬ සාම්පලයේ රස පරික්ෂණ වාර්තාව ඉදිරි සති තුන ඇතුළත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
නාමල් කුමාරට අදාළ කට හඬ සාම්පලයේ වාර්තාව සකස් කරමින් සිටින බව රස පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවලට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ (28) සිය කටහඬ සාම්පල ලබාදුන්නේය.