FAST NEWS

24×7 Around the Globe

රවීට එරෙහි විමර්ශන අත්හිටවු නියෝගය පිළිබඳ තීන්දුව 04 වැනිදා..

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ වැරදි සාක්කි ලබා දුන්නැයි චෝදනාවට , මන්ත්‍රී රවි කරුණානායක මහතාට එරෙහිව සිදු කරනු ලබන විමර්ශන තාවකාලිකව අත්හිටුවිමට අධිකරණයෙන් නිකුත් කළ නියෝගය තවදුරටත් ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබන 04 වැනිදා ලබා දෙන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ අද (28) නියෝග කළේය.
මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ලිඛිත දේශන ලබන 01 වැනිදාට පෙර අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට බාර දෙන ලෙසද අධිකරණය අද (28) නියෝග කළේය.