FAST NEWS

24×7 Around the Globe

හවුල් ආණ්ඩුවට සහයෝගය නොමැති බව අනුර කුමාර කියයි.

මහ මැතිවරණයෙන් අනතුරුව ගොඩනැගෙන හවුල් ආණ්‌ඩුවට ජනතා විමුක්‌ති පෙරමුණ කිසිසේත් එක්‌ නොවන බව එම පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරාජය නළලේ කොටා ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතාටද බහුතර බලයක්‌ ලබාගත නොහැකි වනු ඇති බවත් කී හෙතෙම එහෙයින් ගොඩනැඟෙන්නේ හවුල් ආණ්‌ඩුවක්‌ බවත් කියා සිටියේය.

එම ආණ්‌ඩුව හවුල් අවුල් ආණ්‌ඩුවක්‌ වනු ඇති බවත් අනාවැකි පළ කළ හෙතෙම ඒ තුළින් ජනතාවට සහන බලාපොරොත්තු විය නොහැකි බවත් පැවැසීය.

මෙම හවුල් අවුල් ආණ්‌ඩුව මට්‌ටු කරන බලවේගය බවට ජනතා විමුක්‌ති පෙරමුණ සූදානම් බවත් මීළඟ පාර්ලිමේන්තුවේ විපක්‍ෂය තනන්නේ ජවිපෙ බවත් පැවැසූ අනුර කුමාර දිසානායක මහතා එම කාර්යය ඉටුකර ජනතා අභිලාෂයන් ඉටුකර දීම සඳහා වැඩිපුර තම පක්‍ෂ නියෝජිතයන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර හරින මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.