FAST NEWS

24×7 Around the Globe

ඡන්ද පෙට්ටි පිට වේ – පොලිසියේ 63000ක් රැකවලේ.

ඡන්ද මධ්‍යස්ථාන සඳහා ඡන්ද පෙට්ටි බෙදා හැරීම අද (16) පෙරවරුවේ ආරම්භ වුණා.

දිවයින පුරා ස්ථාපනය කර ඇති ඡන්ද මධ්‍යස්ථාන 12,314ක් සඳහා මෙම ඡන්ද පෙට්ටි බෙදා හැරීමට නියමිතයි.

ඡන්ද පෙට්ටි බෙදා හැරීම සඳහා විධිමත් ආරක්ෂාවක් ලබා දී ඇති අතර පොලිසියේ 63000කට ආසන්න පිරිසක් සමස්ත මැතිවරණය සඳහා යොදවා තිබෙනවා.

දූපත්වල පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සඳහා නාවික හමුදාව මැතිවරණ නිලධාරීන්ට සහාය ලබා දීමට නියමිතයි.

මේ අතර අද පස්වරුවේ ඡන්ද මධ්‍යස්ථානවල පෙරහුරුවක් ද පැවැත්වෙන බවයි මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.