FAST NEWS

24×7 Around the Globe

අවුන්සාන් සුකී‌‌ට ලබාදී තිබුණු ගෞරවණීය පුරවැසිභාවය කැනඩාව අහෝසි කරයි..

නොබෙල් සාම ත්‍යාගී අවුන්සාන් සුකීට කැනඩාව ලබාදී තිබූ ගෞරවණීය පුරවැසිභාවය අහෝසි කිරීමට කටයුතු කර ඇත.
මීට අදාළ ඡන්දයක් ද ඊයේ (27) කැනඩා පාර්ලිමේන්තුවේසී පවත්වනු ලැබීය.
කැනඩාව විසින් ඇයට මෙම පුරවැසිභාවය ලබාදීමට කටයුතුකර තිබුණේ හමුදා පාලනයක් පැවති මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම උදෙසා වෙනුවෙනුයි.
රොහින්ග්‍යා මුස්ලිම්වරුන් මියන්මාර හමුදා වෙතින් පීඩාවට ලක්වීම පිළිබඳ විරෝධය පළ කරමින් මෙම අහෝසි කිරීම සිදුකර ඇති අතර මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් හත් ලක්ෂයක් පමණ මේ වනවිට බංග්ලාදේශයට පලාගොස් ඇති බවත් වාර්තා වෙයි.