FAST NEWS

24×7 Around the Globe

සවස් භාගයේදි වැසි – අැතැම් ස්ථානවලට මී.මී 100 ඉක්මවයි..

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ යැයි බලාපොරොත්තු වන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (28) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
බස්නාහිර, දකුණු සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එහි සඳහන්.
මධ්‍යම,ඌව, සබරගමුව,උතුරු සහඋතුරු-මැදපළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක් පමණ තද වැසි දඇති විය හැකි බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.