FAST NEWS

24×7 Around the Globe

රජරට විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක් සඳුදා (01) සිට විවෘත කෙරේ..

නියඟය හේතුවෙන් වසා දැමුණු රජරට විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු ලබන සඳුදා (01) සිට යළි ආරම්භ කෙරෙන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මාධ්‍ය වෙත සඳහන් කළේය.
ඒ අනුව කළමනාකරණ, තාක්ෂණික සහ ව්‍යවහාරික විද්‍යා පීඨවල අධ්‍යයන කටයුතු මෙසේ ආරම්භ කෙරෙනු ඇත.
ඊට අමතරව සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය, විභාග කටයුතු සඳහා ලබන සඳුදා යළි විවෘත කෙරන බවද එම පාලනාධිකාරීය කියයි.
නේවාසිකාගාර පහසුකම් ඇති සිසුන්ට ලබන 30 වන දා පස්වරු 4.00ට පෙර නේවාසිකාගාරවලට පැමිණෙන්නැයිද පාලනාධිකාරිය නිවේදනය කර සිටියි.