ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් විමර්ශන සඳහා අවශ්‍ය කටහඬ පරීක්ෂාවක් ලබා ගැනීමට අද (28)පෙරවරු 10.00 ට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වීමට නියමීතය.
කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ත්‍රස්ත විමර්ශන ඒකකය භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට ඊයේ (27) මෙම නියෝගය නිකුත් කළේය.
එම නියෝගය නාලක ද සිල්වා මහතාට සහ රජයේ රස පරීක්ෂකවරයාට භාරදීමට පියවර ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරිය එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නාය.
එම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළ දූෂණ විරෝධී බළකායේ අධ්යක්ෂ නාමල් කුමාර මහතාගේ නිවස අසල සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් මර්සලී තෝමස් නමැති ඉන්දීය ජාතිකයාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහෙස්ත්රාත්වරියගේ නිරීක්ෂණය සඳහා ඉදිරිපත් කරනු ලැබීය.
එම පුද්ගලයා භාරයේ තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකථනයක් හා දත්ත ගබඩා කාඩ් පතක් රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට මහෙස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය.
මෙම ඉන්දියානු ජාතිකයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 3 ක කාලයක් රඳවාගෙන විමර්ශනය කිරීමට ආරක්ෂක ලේකම්වරයා විසින් මේ වන විට නියෝගයක් නිකුත් කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එහිදී අධිකරණයට දැනුම් දුන්නේය.
එම නිරීක්ෂණයෙන් අනතුරුව එම පුද්ගලයා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් කිරීමටද මහෙස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.