FAST NEWS

24×7 Around the Globe

නියඟය ඇති ප්‍රදේශ සදහා කෘෂි ළිං ව්‍යාපෘතියක්..

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති නියං තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ වගාවන් සඳහා අවශ්‍ය ජලය ලබාදීමට නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව මේ වසර ඇතුළතදී කෘෂි ලිං 100 ක් ඉදිකිරීමට සැලසුම්කර ඇති අතර මෙම ව්‍යාපෘතිය උතුරු සහ උතුරු මැද පළාත් වලින් ආරම්භ කිරීමට නියමිතව ඇත.
වගා කටයුතු වලට මෙන්ම ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සදහාද මෙම කෘෂි ලිං ඉදිකෙරෙනු ඇත.