FAST NEWS

24×7 Around the Globe

නියොමාල් රංගජීව ඇප මත මුදාහැරීමට නියෝග…

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ඇප මත මුදාහැරීමට අභියාචනාධිකරණයේ නියෝගය පරිදි අද (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබීය.
සැකකරුට ඇප ලබාදෙමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කර ඇති නියෝගයේ පිටපතක් අද මෝසමක් මාර්ගයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඒ අනුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හළ අතර සෑම මසකම අවසන් ඉරිදා රහස් පොලිසියට වාර්තා කළ යුතු බවටද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
සැකකරුගේ විදේශ ගමන් ද තහනම් කිරීමට කටයුතු කරනු ලැබීය.
ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් 27 දෙනෙකු මරා දැමීයැයි චෝදනාවක් මතයි.