FAST NEWS

24×7 Around the Globe

වැලිකඩ හා අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරවලට එස්.ටී.එෆ්..

ඔක්තොම්බර් මස 01 වැනිදා සිට වැලිකඩ සහ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීමට තීරණය කර ඇති බව අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍යාංශ ලේකම් මංගලිකා අධිකාරි මහත්මිය මාධ්‍ය වෙත සඳහන් කළේය.
එම බන්ධනගාරවල රැඳවියන් හා පිටත පුද්ගලයින් සමග පවතින සබඳතා වැළැක්වීමට මේ පියවර ගන්නා බවත් ඒ සඳහා අදාළ බන්ධනාගාරවල පිටත ආරක්ෂාවට විශේෂ කාර්ය බලකා සෙබළුන් යෙදවීමට නියමිතය.
බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් හා අනෙකුත් නීති විරෝධි ක්‍රියා පාලනය සඳහා ආරක්ෂාව ලබා දෙන ලෙසට කළ ඉල්ලීමක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට මෙසේ පියවර ගන්නා බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය පවසයි.