ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයට ජනපතිත් එක්වෙයි..

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයට ජනපතිත් එක්වෙයි..

එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම මැතිණිය එක්විය.
ජගත් මහ සමුළුව ඇරඹූ පළමු දිනයේදීම සැසිය ඇමතීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවස්ථාව ලැබුණි.
මෙවර සමුළුවේ තේමාව වන්නේ ‘‘එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම සහ සාමකාමී හා තිරසර සමාජයක් සදහා වූ ගෝලීය නායකත්වයේ සාමූහික වගකීම” යන්නයි.