FAST NEWS

24×7 Around the Globe

යෝෂිත රාජපක්ෂට නඩු පැවරීමට නීතිපති උපදෙස් විමසයි..

යෝෂිත රාජපක්ෂ මහතාට සහ ඔහුගේ මිත්තණිය වූ ඩේසි ෆොරෙස්ට් මහත්මියට එරෙහිව නඩු පැවරීමට නීතිපති උපෙදස් සඳහා උදෘත ගොනුකර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඊයේ (26) දැනුම් දුන්නේය.
අයථා මාර්ගයෙන් උපයාගත් බවට සැකකෙරෙන මුදල්, ව්‍යාපාර කටයුතුවලට හා දේපොළ මිලදී ගැනීමට යොදවා ඇතැයි කියමින් ලැබුණු පැමිණිල්ලක් අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙම විමර්ශන පවත්වනු ලැබීය.
රත්මලාන ප‍්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 36 වටිනාකමකින් යුත් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ සිද්ධියකට අදාළ නඩුව ඊයේ ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.