හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ගමන් ගත් ජීප් රථය අනතුරටකට ලක්විමෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දරුවෙකු බරපතල තුවාල ලබා හලාවත දිසත්‍රික් රෝහලට ඇතුළත් කළ බව හලාවත පොලිසිය පවසයි.
කුරුණෑගල දෙස සිට හලාවත දෙසට පැමිණෙමින් සිටියදි ඉදිරියෙන් එම දිසාවටම ගමන් ගත් යතුරු පැදියක පසු පස ගැටි මෙම අනතුර සිදුව ඇත.
අනතුරුව විසිවි ගිය යතුරු පැදියේ පැමිණි කාන්තාවන් දෙදෙනා සහ දරුවා බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අනතුර සිදු වන අවස්ථාවේ දි අපේක්ෂක අරුන්දික ප්‍රනාන්දු ද රථය තුළ සිටි බව පොලිසිය පවසයි.
තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ මැදගම පන්රෙන්ඩාවේ පදිංචි එම්.පි.ගංගා, ඩබ්ලිව්.ඒ.ගීතිකා සහ පි.සහන් ආලෝක නමැති සිව් හැවිරිදි දරුවාය.
අනතුර සිදු කළ රථය සහ එහි රියැදුරු හලාවත පොලිසිය මගින් අත් අඩංගුවට ගත් ගෙන වැඩිදුරටත් පරික්ෂණ සිදු කරයි.







