FAST NEWS

24×7 Around the Globe

පිදුරංගල ඡයාරූප සිද්ධියට තිදෙනෙක් අත්අඩංගුවට..

පිදුරංගල ගල මත නැග අඩ නිරුවත් ඡායාරූප ගැනීමේ සිද්ධියට අදාල තරුණයින් තිදෙනකු අද (26) දහවල් ගලේවලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මොවුන් පිළිබඳ තොරතුරු සොයා ගැනීමෙන් අනතුරුව පොලීසිය ඔවුන්ගේ නිවෙස්වලට ගොස් තිදෙනාම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
19 හැවිරිදි වියේ පසුවන ඔවුන් තිදෙනාම ගලේවෙල ප්‍රදේශයේ තරුණයින් වන අතර එම ඡායාරූපයට පෙනී සිටි සහ ඡායාරූප ලබාගත් තරුණයා මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩි දුරටත් කියයි.