FAST NEWS

24×7 Around the Globe

උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුව ඔක්තොම්බර් 15 ට කල් තැබේ..

2015 වසරේ ජනවාරි මස 27 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු කිරුලපන, ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ තබාගෙන සිටියේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබර් 15 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (26) නියෝග කළේය.
එම නඩුව අද (26) කොළඹ මහාධිකරණය ඉදිරියේ කැඳවූ අතර එහිදී උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වරයා අසනීප තත්වයෙන් පසුවන බව ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා විසින් අධිකරණයට දන්වනු ලැබු අතර ,ඒ අනුව නඩුව නැවත ඔක්තෝම්බර් මස 15 වනදා කැඳවීමට අධිකරණය නියම කළේය.