FAST NEWS

24×7 Around the Globe

රවී කරුණානායක සම්බන්ධයෙන් ලිඛිත දේශන ඉදිරිපත් කිරිමට අධිකරණයෙන් කල් දෙයි….

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන්නේ යැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට එරෙහිව සිදුකෙරෙන විමර්ශනයට අදාළව ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අද (26) කල් ලබා දුන්නේය.
එම දෙපාර්තුමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය අධිකරණ දන්වා සිටියේ එම පරීක්ෂණයට අදාළව ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට රහස් පොලීසිය අපේක්ෂා කරන බව ඒ සඳහා කල් ලබාදෙන ලෙසය.
එම ඉල්ලීම පිළිගත් කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අදාළ ලිඛිත දේශන වේ නම් ඒවා ලබන 28 වනදාට පෙර ඉදිරිපත් කරන්නැයි රජයේ නීතිඥවරියට දුන්නේය.