FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය අමතයි..(වීඩියෝ)

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ශ‍්‍රී ලංකා වේලාවෙන් අද (26) අලුයම 1.30 ට පමණ සිදු කළේ ය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප‍්‍රධාන සැසිය ශ‍්‍රී ලංකා (25) දින පස්වරුවේ නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ දී අභිමානවත් අයුරින් ආරම්භ විය.
ලෝකයම බලා සිටින ජගත් සමුළුව මෙවර “එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සාමකාමි සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම” තේමාව යටතේ පැවැත්වෙයි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කළ අතර ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන සිව් වන අවස්ථාව මෙය විය.