FAST NEWS

24×7 Around the Globe

මහනුවර ලංගම සේවකයෝ වැඩ වර්ජනයක..

අද (26) මහනුවර දිස්ත්‍රික්කය තුළ ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයින් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව මධ්‍යම පළාත් ලංගම වෘත්තීය සමිති ඒකාබද්ධ බලමුළුව සදහන් කරයි.
ලංගම ප්‍රාදේශීය කළමනාකරවරයාගේ පුරප්පාඩුව සඳහා ලංගම සභාපතිවරයා විසින් අත්තනෝමතික ලෙස අදක්ෂ පුද්ගලයෙකු පත් කර ඇති බවත් එවැනි විශ්‍රාමයාමකදී සම්ප්‍රදාය අනුව වත්මන් ශ්‍රී ලංගම ප්‍රාදේශීය ධාවන කළමනාකාරවරයා එහි පුරප්පාඩුව සඳහා පත්විය යුතු බවත් එහි කැඳවුම්කරු ප්‍රකාශකර සිටියි.
ලංගම ප්‍රාදේශීය කළමනාකාරධුරයට වත්මන් ප්‍රාදේශීය ධාවන කළමනාකරවරයා පත්කරන තුරු මෙම අඛණ්ඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් සදහන්කර සිටියි.