FAST NEWS

24×7 Around the Globe

හමුදා සෙබලා ඝාතනය කළ සැකකරුවන් 02 ක් අත්අඩංගුවට..

පසුගියදා අඹේපුස්ස යුද හමුදා කඳවුරේ මුර කුටියක රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබලෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කඳවුරේම සෙබළුන් 02 ක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් විසින් මිය ගිය සෙබළාගේ ගිනි අවිය පැහැරගෙන ඇති අතර විමර්ශන සිදුකරන උසස් නිලධාරියෙකු සඳහන් කළේ කොල්ලකෑම් සිදුකිරීම සඳහා මොවුන් විසින් ගිනි අවිය පැහැරගෙන ඇති බවයි.
ඝාතනයට ලක්වූ යුද හමුදා සෙබලාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පසුගියදා ගම්පහ රෝහලේ සිදුකරනු ලැබීය.
එහිදී අනාවරණ වුණේ තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් ඔහුගේ හෘදයට හානි සිදුව ඇති බවටයි.