FAST NEWS

24×7 Around the Globe

අපරභාගයේදි දිවයින පුරා ගිගුරුම් සහිත වැසි..

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ යැයි බලාපොරොත්තු වන බන කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (26) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද සඳහන්.
ඌව, සබරගමුව,බස්නාහිර, දකුණ, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇති විය හැකි බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.