ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ ඩේන්ට්‍රි ආසන්න ප්‍රදේශයකට පසුගිය අගෝස්තු 26 වැනිදා සේන්දු වූ වියට්නාම අනවසර සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් ඕස්ට්‍රේලියා දේශසීමා ආරක්ෂණ බළකායේ දැඩි ආරක්ෂණ විධිවිධානවලින් මිදී එරටට ඇතුළු වීමත් සමඟ ඕස්ට්‍රේලියාව තම දේශ සීමා ආරක්ෂාව තව දුරටත් දැඩි කොට ඇතැයි ඕස්ට්‍රේලියා දේශසීමා මෙහෙයුමේ අණ දෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පීටර් ඔස්බෝර්න් පවසයි.
ඔස්ට්‍රේලියා දේශ සීමා ආරක්ෂක අංශය, නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඕස්ට්‍රේලියාවට ඇතුළු වන ඕනෑම යාත්‍රාවක් හඳුනා ගෙන හසු කර ගැනීම තහවුරු කිරීමේ උත්සාහයන් වැඩි කර ඇති බව ද ඔහු පෙන්වා දෙයි. තම දේශ සීමා ආරක්ෂා කර ගැනීමට හා මිනිස් ජාවාරම මැඬලීම සඳහා ඕස්ට්‍රේලියාව දැඩි පියවර ගනිමින් සිටින බව ද ඔහු කියා සිටියේ ය.
තමන්ගේ මුහුදු සීමාවට ඇතුළුවන යාත්‍රා සම්බන්ධයෙන් දැඩි විමසිල්ලකින් පසුවන ඕස්ට්‍රේලියාව නිත්‍යානුකුල නොවන ආගමන, කල්වේලා ඇතිව හඳුනා ගන්නා බවත්, වියට්නාම බෝට්ටුව ගොඩබට ප්‍රදේශයේ ක්‍රියාත්මක සමුද්‍ර ආරක්ෂණ විධිවිධාන පිළිබඳ පැහැදිලි කරන ඕස්ට්‍රේලියා දේශසීමා මෙහෙයුමේ අණ දෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පීටර් ඔස්බෝර්න් පවසයි.








