ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජයවර්ධනපුර රෝහලට..

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජයවර්ධනපුර රෝහලට..

අධිකරණය අපහාස කිරීමේ චෝදනාව මත ‍ වසර 06 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බන්ධනාගාර රෝහලේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට නැවතත් මාරු කර යවා ඇති බව වැලිකඩ බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට පෙනී සිටීම වෙනුවෙන් උන්වහන්සේ මෙසේ ජයවර්ධනපුර රෝහල වෙත මාරු කර යවා ඇත.
පසුගිය අගෝස්තු 30 වන දින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිදුකළ සැත්කමකින් අනතුරුව බන්ධනගාර රෝහලට ඇතුළත් කරන ලද උන්වහන්සේ නැවත සැප්තැම්බර් 06 වන දින අසාත්මිකතාවයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට මාරු කර යවා තිබු අතර පසුව බන්ධනාගාර රෝහල වෙත මාරු කෙරුණී.