FAST NEWS

24×7 Around the Globe

මැන්ඩෙලා ගමන් ගත් මගෙහි යාමට ජනපතිගෙන් ආරාධනාවක්..

එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩලයට සමගාමීව නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතමින් ඊයේ (24) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශකර සිටියේ මැන්ඩෙලා ගමන් ගත් මගෙහි යාමට තමන් ලොව සියලු නායකයින්ට ආරාධනා කරන බවයි.
නෙල්සන් මැන්ඩෙලා ජන්ම ශත සංවත්සරය සමරමින් නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී මෙම සාම සමුළුව සංවිධානය කර තිබුණි.
සාමය, සංහිඳියාව සහ මානවවාදය පිළිබඳ ලෝකයට වැදගත් පාඩම් කියාදුන් විශිෂ්ට චරිතයක් වූ නෙල්සන් මැන්ඩෙලා චරිතය අද සියලු ලෝක නායකයින් අධ්‍යයනය කළ යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ඔහුගේ චරිතය හා එම ගමන් මග සිහිපත් කිරීමට සිදුව ඇත්තේ අද ලෝකය ගමන් ගන්නේ එවන් මගක නොවන නිසා බව ද මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.