FAST NEWS

24×7 Around the Globe

ජනපති අද (24) ගෝලීය සාම සමුළුව අමතයි..

එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සදහා අමෙරිකාවට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) ලෝක මත්ද්‍රව්‍ය පිලිබද ගෝලීය විශේෂ හමුවට සහ ගෝලීය සාම සමුළුවටද එක්වීමට නියමිතව ඇත.
නෙල්සන් මැන්ඩෙලාගේ ජන්ම ශත සංවස්තරය සමරමින් මෙම සමුළුව සංවිධානය වී ඇති අතර ජනාධිපතිවරයා එය ඇමතීමටද නියමිතයි.
හෙටින් ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේදී ජනපතිවරයා ලංකාවේ මානව හිමිකම් තත්වය / ආරක්ෂක අංශ සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්ද සිදු කිරීමට නියමිතයි.