FAST NEWS

24×7 Around the Globe

මාලදිවයින් ජනපතිවරණයෙන් විපක්ෂයේ අපෙක්ෂක ඉදිරියෙන්..

මාලදිවයින් ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව විපක්ෂයේ අපේක්ෂක ඊබ්‍රහිම් මොහමෙද් සෝලි ඉදිරියට පැමිණ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව මෙතෙක් ප්‍රකාශයට පත් කර තිබෙන ප්‍රතිඵල අනුව ජනාධිපති අබ්දුල්ලා යමීන්ට වඩා සියයට 15ක් ඉදිරියෙන් සිටීමට විපක්ෂයේ අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි සමත්ව ඇතැයි එරට මාධ්‍ය සඳහන් කරයි.
ඡන්ද පෙට්ටි 472න් 250ක ඡන්දය ගණනය කර අවසන් බවත් ඒ අනුව විපක්ෂයේ අපේක්ෂක ඊබ්‍රහීම්, ජනාධිපති අබ්දුල්ලා යමීන්ට වඩා සියයට 15.4ක් ඉදිරියෙන් සිටින්නේ යැයි මාලදිවයිනේ ‘මිහාරු’ පුවත් සේවය වාර්තා කළේය.
තවත් ඡන්ද පෙට්ටි 222ක ඡන්දය ගණනය කිරීමට නියමිතය. ඒ අනුව ප්‍රකාශිත ඡන්ද 130,000 ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත බව පැවසේ.