FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරය අද (24) ආරම්භ වෙයි..

එක්සත් ජාතීන් සියලු ජනතාවට සමීප කරවීම , සාධාරණ, සාමකාමී සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම යන තේමාව යටතේ ,එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරය නිව්යෝක් නුවර එක්සත් ජාතින්ගේ මුලස්ථානයේදී අද (24) ආරම්භ ‍වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (25) පස්වරුවේ සැසිවාරය අමතන අතර ජනාධිපතිවරයා මෙවර මහා මණ්ඩලය අමතන්නේ 04 වැනි වරටය.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරිමේදී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට, සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව මෙහිදි විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා මීට පෙර සඳහන් කළේ ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 193 ක් මෙවර මහා මණ්ඩල සැසිවාරයට එක්ව සිටී.
ඉක්වදෝරයේ මාරියා ෆර්නැන්ඩර් මහත්මියගේ සභාපතිත්වයෙන් යුක්තව අද ආරම්භ වන සමුළුව දින 9 ක් පුරා නිව්යෝර්ක් නුවරදී පැවැත්වේ.