FAST NEWS

24×7 Around the Globe

නාමල් කුමාර 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට..

ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන්  තොරතුරු   හෙළිකළ  දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ  නාමල් කුමාර මහතාගේ  26 වැනිදා  පෙරවරුව 9.00  ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව  කැඳවා ඇති බව පැවසේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන්  ප්‍රකාශ ලබා ගැනිමට නාමල් කුමාර මහතා කැඳවු  තෙවැනි අවස්ථාව   මෙය බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
මේ අතර ඉකුත් 20 දින රාත්‍රියේ  නාමල් කුමාර  මහතාගේ  වරකාපොල  නිවසට පැමිණ  සිටියදි අත්අඩංගුව  ගත් ඉන්දිය ජාතිකයා  සම්බන්ධයෙන්  ද විශේෂ  පරික්ණයක් ආරම්භ කරඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.