FAST NEWS

24×7 Around the Globe

ත්‍රීරෝද රථ සදහා මීටරයක් අනිවාර්ය කිරීමේ නීතිය ලබන මස සිට..

ත්‍රීරෝද රථ සදහා මීටරයක් අනිවාර්ය කිරීමේ නීතිය ලබන මාසයේ මැද සිට ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව සදහන් කරයි.
එම සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ කියා සිටියේ මීටරයක් සවි කිරීම සදහා ලබාදී තිබූ කාලය මේ වනවිට අවසන් වී ඇති බැවින් මෙම පියවර ගන්නා බවයි.
ඒ අනුව මෙම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසියට අවශ්‍ය පියවර ගැනීමට බලය පැවරෙනු ඇත.