FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 73 වැනි සැසිවාරය අැමතිමට ජනපති ඇමෙරිකාවට..

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 73 වැනි සැසිවාරය ඇමැතීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (22) ඇමෙරිකාව බලා පිටත්ව යයි.
ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන සිව්වැනි අවස්ථාව මෙය වේ.
එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සමකාමී සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම, තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 73 වැනි සැසිවාරය නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී පැවැත්වේ.
එහි ප්‍රධාන සැසිවරාය සැප්තැම්බර් 25 වැනිදා ආරම්භ කෙරෙන අතර එදින පස්වරුවේම ජනාධිපතිවරයා සැසිවරාය ඇමැතීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව මෙහිදී එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය වෙත විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බවද ජනාධිපතිවරයා මීට පෙර සඳහන් කර තිබේ.