FAST NEWS

24×7 Around the Globe

කිරුළපන රථ වාහන ගමනාගමනය සීමා කිරිමක්..

කිරුළපන විජයකුමාරතුංග මාවතේ සිදුවන අප ජල ව්‍යාපෘතියක් වෙනුවෙන් ,කිරුළපන, පොල්හේන්ගොඩ හන්දියේ සිට පූර්වාරාම පාර හන්දිය දක්වා වූ මාර්ගයේ කොළඹට ඇතුළු වන මංතීරුවෙහි රථ වාහන ගමනාගමනය සීමා කර ඇති බව පොලීසිය පවසයි.
ෙඒ අනුව ඊයේ (21) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එළඹෙන නොවැම්බර් මස 28 වනදා දක්වා අදාළ මාර්ගයේ කොළඹට ඇතුළුවන මංතීරුවෙහි රථ වාහන ගමනාගමනය මෙසේ සීමා කර තිබේ
අදාළ කාල සීමාව තුළ රියදුරන් විසින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.