FAST NEWS

24×7 Around the Globe

නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා වූ අමාත්‍ය කමිටුව පත් කෙරෙයි..

අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වූ අමාත්‍ය අනුකාරක සභාවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවු අතර  මෙ අනුව ඊට අමාත්‍යවරුන් පත් කර තිබේ.
ඒ අනුව ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙහි සභාපතිත්වය දරන අතර ඒ යටතේ අමාත්‍යවරු 10 දෙනෙකුගෙන් යුත් අනුකාරක සභාවක් පිහිටුවා ඇත.
මෙම කමිටුවේ සමාජිකයින් ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා, රවුෆ් හකීම් මහතා, වජිර අබේගුණවර්ධන මහතා, මහින්ද අමරවීර මහතා, රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පලනි දිගම්බරම් මහතා ,තලතා අතුකෝරළ මහත්මිය, මනෝ ගනේෂන් මහතා හා මහින්ද සමරසිංහ මහතා යන අමාත්‍යවරුන් පත් කර ඇත.