බැසිල්ගේ පෙත්සම දෙසැම්බර් 13 වැනිදා විභාගයට තීන්දු වෙයි..

බැසිල්ගේ පෙත්සම දෙසැම්බර් 13 වැනිදා විභාගයට තීන්දු වෙයි..

තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාග වන ලිත් නඩුව වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම දෙසැම්බර් මස 13 වැනිදා විභාගයට ගැනීමට විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය සහ ජනක් ද සිල්වා මහතා යන ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද (21) තීන්දු කළේය.
ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක මුදලක් වැයකොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ පනහක් මුද්‍රණය කර බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව නඩුවක් පවරා ඇත.
එ අනුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියෙහි අදාළ නඩුව විභාග කිරීම වළක්වාලමින් පනවා තිබුණ තහනම් නියෝගය දීර්ඝ කිරීමටද අභියාචනාධිකරණය අද (21) නියම කළේය.