FAST NEWS

24×7 Around the Globe

කොළඹ කොටහේන ප්‍රදේශයේ මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමා කෙරේ..

අද (21) රාත්‍රී 09 සිට 24 වන දින උදෑසන 05 දක්වා කොළඹ කොටහේන කේ.සිරිල් පෙරේරා මාවතේ වාසල හංදියේ සිට වෝල්ස් ලේන් පාර හංදිය ප්‍රදේශයේ වාහන ගමනා ගමනය සීමා කෙරෙන බව පොලිසීය පවසයි.
ජලනල එලීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් මෙලෙස මෙම ප්‍රදේශයේ වාහන ගමනා ගමනය සීමා වෙනු ඇත.
ඒ සඳහා විකල්ප මාර්ගයක් ලෙස ජෝජ් ආර් ද සිල්වා මාවතෙන් ඇතුළු වන වාහන වාසල පාර හංදියෙන් වමට හරවා පීල්ඩ් පාර ඔස්සේ අළුත් මාවතට පිවිස මෝදර සහ මට්ටකුලිය දෙසට ගමන් කළ හැකි වන බවත්, මෝදර සහ මට්ටක්කුලිය දෙස සිට මෙම මාර්ගයට ඇතුළු වන වාහන වෝල්ස් පාර හංදියෙන් දකුණට හරවා එම මාර්ගයෙන් අළුත් මාවතට පිවිස ගමන් කළ හැකි බවද පොලිසීය කියයි.